කරුංකා කතාව....
රස්සාවෙන් විශ්‍රාම ගත්තට පස්සේ තමා මටම ඕනෑ දෙයක් කරන්න කාල වේලාව ලැබුනේ.
මගෙ ජීවිත කාලේ කරන්න බැරිවූ දේ බොහොමයි:
- ලංකාව වටේ පයින් යන්න
- විද්‍යාඥයෙක් වශයෙන් අලුතෙන් මොකක් හරි සොයා ගන්න
- ක්‍රීඩා වලට දක්ශ වෙන්න
- ඉස්තරම් චිත්‍රපටියක් හදන්න
- දක්ශ ලෙස සංගීත භාංඩ වයන්න ...
මේවා අමතක කරලා දැම්මම කරන්න හැකි දේ අතරට තමයි කවි, කතා ලියන එක වැටෙන්නේ.
මෙතනදී අමතක කරන්න බැරි දෙයක් තමා මම 'හැකියි' කියන්නේ මට තේරෙන විදිහට; අනික් අය මේවා ගැන මොක කිව්වත් මට කමක් නෑ. ලියන්නෙත් මම කියවන්නෙත් මම.